
ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉහළ යමින් පවතින වැඩිහිටි ජනගහණය වෙත විශේෂ අවදානයක් යොමු විය යුතු අතර එම අත්‍යාවශ්‍යතාව සලකා බලා ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් වැඩිහිටි රැකවරණය (A Guide to Aged Care) අධ්‍යාපන ග්‍රන්ථය මුද්‍රණය කර ඇත.
වැඩිහිටි රැකවරණය සඳහා වෘත්තීය මාර්ගෝපදේශනයක් වන මෙම ග්‍රන්ථයේ, වැඩිහිටි රැකවරණයේ මූලධර්ම, වැඩහිටි මානසික හා කායික සෞඛ්‍ය රැකගැනීමේ ක්‍රම වේද මෙන්ම, සමාජීය සමතුලිතතාව පවත්වා ගැනීමට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික තොරතුරු අඩංගුවේ.
සමාජ සේවකයන්, සාත්තු සේවකයන්, හෙද වෘත්තිකයන් වැඩිහිටි උපස්ථායකයන්, හෙද වෘත්තිකයන්, විදේශ රැකියා අපේක්ෂකයන් හා වැඩහිටි රැකවරණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් සඳහා මෙය විශේෂයෙන් නිර්දේශිතය.
පිටු 230 කින් යුත් මෙම ග්‍රන්ථයේ මිල රු.1200 කි.
මේ සම්බන්ධයෙන් විස්තර සම්බන්ධීකාරක ලේකම් කුමුදීනි පෙරේරා මහත්මිය දුරකථන අංක 011 3071794 ඇමතීමෙන් ලබා ගත හැකිය.
No comments:
Post a Comment