Wednesday, December 2, 2020

සැඳෑ සමයට හිරු කිරණ

 

සැඳෑ සමයට හිරු කිරණ

- වැඩිහිටි රැකවරණය!

ශ්‍රී ලංකාව අවුරුද්ද මුළුල්ලේම හිරු එළියෙන් නැහැවෙන රටක්. ඒත් අපේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්  විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙනවා. විටමින් ඩී ප්‍රමාණවත්ව නොලැබීමෙන් වැඩිහිටිවියේ දී  ඔස්ටියෝපොරෝසිස්, මස්පිඬු දුර්වලතා, හදවත් රෝග, දියවැඩියාව, ආත්‍රයිටිස් මෙන්ම පිළිකා තත්ත්වයන් ද ඇතිවීමේ අවදානමක් තිබෙනවා.  



 වියපත්වීමත් සමඟම  ඇතිව ශාරීරික අපහසුතා, ලෙඩ රෝග හෝ නිසි රැකවරණයක්  නොලැබීම යන හේතූන් නිසා  බොහෝ වැඩිහිටියන් තම නිවාස තුළටම  සීමා වෙනවා. නිවසින් පිටත හිරු එළිය සහ පිරිසිදු වාතය  කොතෙක් තිබුණ ද ඔවුනට  සිදුවන්නේ    දෙස  ජනේලයක් තුළින් බලා සිටීම පමණයි. ඇතැම් වැඩිහිටියන් මරණය දක්වාම ජීවත්වන්නේ හිරු එළිය බිඳක්වත් නොලැබෙන අඳුරින් පිරුණු කාමරවලයි.

සෑම වැඩිහිටියකුටම  උදෑසන එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට හෝ ව්‍යායාම් කිරීමට පහසුකම් සලසා දීම  විටමින් ඩී ඌණතාවය වළක්වා ගැනීමට කදිම  පිළියමක්. එය ඔවුන්ගේ මානසික යහපැවැත්මට ද හේතුවනවා.

 සතියකට දෙවරක් විනාඩි 30ක හිරු එළිය ප්‍රමාණයක් ඔබගේ ආදරණීය වැඩිහිටියා සුවපත්ව තැබීමට ප්‍රමාණවත්.

ඔව්

සතියට දෙවරක් විනාඩි 30 ක් ..............!

( වැඩිහිටි රැකවරණය ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා පදනම් ආයතනය )